Wednesday, January 13, 2016

හැම ජීවිතයක් තුළම ලියවුණු වැරදි තැන් තියෙනවා. ඒ දේවල් මකලා දාන්න හැම කෙනෙකුටම උවමනායි. සමහර වැරදියට ලියවුණු තැන්වලදී ඒ තුළින් ජීවිතය ලස්සන කරගත්ත අය ඉන්නේ අල්පයයි. වැටුණු වළෙන් ගොඩ එන්න පිදුරු ගහක්වත් නැති ජීවිත අපේ සමාජයේ කොයිතරම් නම් ඉන්නවද?
දුප්පත් අම්මා තේ දල්ල කඩන්න. කුලී වැඩට යන්නේ හම්බවෙන සොච්චමෙන් රජ සැප විඳින්න නෙමෙයි. මොන දුකක් විඳලා හරි තමන්ගේ දරුවන්ට උගන්නලා උඹලව මේ සමාජයේ හොඳ මනුස්සයෙක් කරන්න. කරදණ්ඩ ටිකෙන් ටික උස් මහත් වෙනකොට  ඕන  ඕන කියන සාම්පලේ දේවල් ගන්න කාසි දුන්නේ උඹලට තියෙන බයකට නෙමෙයි. පොඩි එවුන්ගේ ආසාව නේද කියලා හිතලා. ඒත් උඹලා පොඞ්ඩ බැරිවෙනකොට අම්මා අප්පච්චිට ගෑස් පෙන්නුවේ, තරහ ගත්තේ හරියට අම්මා අප්පච්චිටත් එහා ගිය මහමිනිස්සු වගේ. 
 

ගෙදර ලොකු මහත් වෙච්ච ළමිස්සියෙක් ඉන්නකොට අම්මාගේ හිතේ දැවෙන ගින්දර කවරදාවත් උඹට නොදැනෙන්න ඇති. අම්මා ගිනි ගහන අව්වේ, එහෙම නැතිනම් ඇඟලූම් කම්හලේ යකඩ මැෂින් එක්ක හැප්පෙන්නේ උඹට හොඳ අනාගතයක් හදන්න කියලා උඹට හිතන්න ඔළුවක් තිබුණේ නැහැ. එන එන විලාසිතාවට අඳින්න, විලාසිතා කරන්න සල්ලි ඉල්ලලා රණ්ඩු කරේ ජීවිතේ බර උඹට නොදැනෙන නිසා. හිතෙන්න ඇති නංගියේ උඹටත් අනිත් ළමිස්සියෝ වගේම ලස්සනට අඳින්න, විලාසිතා කරන්න. ඒත් උඹ හිරට හිරේ ඇඳුම් ඇඳගෙන මහ පාරේ යනකොට දකින එවුන් දොස් තිවුවෙ උඹට නෙමෙයි නංගියේ උඹේ අම්මට. අම්මා හිතේ දහසක් බලාපොරොත්තු තියාගෙන උඹව ටියුෂන් පන්ති යැව්වේ සල්ලි වැඩි වෙලා නෙමෙයි. ඒත් උඹ ගිහින් ඉගෙන ගත්තේ ජීවිතේ මේ විදිහට විඳවන්නද කියලා හිතෙනකොට උඹට විතරක් නෙමෙයි අම්මටත් මේ ජීවිතෙන් යන්න හිතිලා. උඹ නැතිවුණ දුක දරාගන්න බැරුව නෙමෙයි. සමාජය නගන දොස් දරාගන්න බැරුව. 

ඔයා පණ වගේ ආදරේ කරපු පේ‍්‍රමවන්තයා, දන්නෙම නැතුව උඹේ බඩට දරු පැටියෙක් දීලා පැනලා යද්දි අවසානයේ කඳුළු පිසදාන්න හිටියේ අම්මා විතරයි කියලා එතකොටවත් උඹට දැනුණානම්, බිත්ති හතරක් ඇතුළේ හිරවෙලා සමාජයෙන් කොන් වෙලා හිටියත් ඔය සිතට ඒ දැනුණු චේතනාවම සැනසීමක් නේද?.

‘‘එදා මම හිටපු තත්ත්වෙන් බේරගන්න අම්මට පුළුවන් කමක් තිබුණේ නැහැ. මැරුණත් මාව දාලා යන්නේ නැහැ කියපු සුරාජ් මගේ බඩට දරුවෙකුත් දීලා මාව මේ විදිහට අසරණ කරාවි කියලා සිහිනෙන්වත් හිතුවෙ නැහැ.’’

නිලූකාගේ දෑස්වලින් කඩා හැලෙන කඳුළු ඒ මූසල අතීතයට සාප කරනවා. මහ පොළව හැමදේම දරාගෙන නිහඬ වෙලා. සමාජයෙන් ඇසෙන අපවාද, දොස් ඇයව සමාජයෙන් තව තවත් කොන් කළා. 

‘‘මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. තාත්තා නැතිවෙනකොට මට අවුරුදු දොළහයි. පපුවෙ අමාරුවකින් තමයි තාත්තා නැති වුණේ. තාත්තා නැති වුණාට පස්සේ අපිට ජීවත් වෙන්න ආර්ථික මාර්ගයක් තිබුණේ නැහැ. අම්මා දළු කැඩුවා, ගාමන්ට්වල වැඩට ගියා, විවිධ රැුකියා කළා. සල්ලි නැහැ කියලා අම්මා කවදාවත් මගේ ඉස්කෝලේ ගමන නතර කරපන් කියලා කිව්වේ නැහැ. මම වෙනුවෙන් අම්මා ගොඩක් දුක් වින්දා. ඒත් එදා මට ඒ හැම දෙයක්ම තේරුම්ගන්න බැරි වුණා. මම පුංචි කාලේ ඉඳලම අම්මට අකීකරු වුණා. ඒත් අම්මා මගේ හිතුවක්කාරකම් හරි පුදුම විදිහට දරාගත්ත කෙනෙක්. මම අම්මට  ඕන තරම් අසභ්‍ය වචන කියලා බැණලා ඇති. මම දෙයක් ඉල්ලූවොත් ඒ දේ මට දෙනකම් පොළවේ හැපිලා අඬලා ඇති. අම්මා ණය වෙලා හරි මම ඉල්ලපු දේවල් අරන් දුන්නා. මම දන්නේ නැහැ කොයිතරම් දුරට මම කියන දේවල් සදාචාරසම්පන්නද කියලා. ඒත් ඇත්තම කථාව මම හැදුණේ එහෙම. අම්මා කවදාවත් මට තරවටු කරලා නැහැ. මහ සෙනඟ මැද අම්මට අසභ්‍ය වචන වලින් මම බැන්නත් ‘‘ඔහොම කථා කරන්නේ නරක ළමයි’’ කියලා අම්මා කිව්වේ හරිම ආදරණීය විදිහට. මම කවදාවත් අම්මා කියපු දෙයක් කනකට ගත්තේ නැහැ. 

මම ඉල්ලන ඉල්ලන ඇඳුම මට අරන් දුන්නා. නොදුන්නොත් මම අම්මට සැරෙන් කථා කළා. අම්මා ඒ හැමදේම හිතේ තදකරගෙන ඉන්නේ නැතුව එදා මගේ බෙල්ල මිරිකලා මරලා දැම්මනම් මීට වඩා සැපයි. මගේ ජීවිතේම කවදාවත් සැනසීමක් ලබන්න මට බැහැ. 

ජීවිතේ ඔය විදිහට යද්දි මට සුරාජ් අයියා මුණ ගැහෙන්නේ ටියුෂන් පන්තියේදි. සුරාජ් අයියා තමයි ඒ දවස්වල ක්ලාස් එන ළමයින්ගේ කාඞ් පරීක්‍ෂා කළේ. ගෙදර කොච්චර ආර්ථික ප‍්‍රශ්න තිබුණත් මම කිසිම අඩුවක් නැති ගාණට පන්ති ගියා. අනිත් ළමයි ලස්සනට අඳිනකොට මටත් ඒ ඇඳුම් අඳින්න ආස හිතුණා. අම්මා සමහර ඇඳුම් ‘‘එපා පුතේ  ඕවා ඇඳගෙන යන්න’’ කියලා කිව්වාම මම අම්මට බැන්නා. කොච්චර ආර්ථික ප‍්‍රශ්න තිබුණත් අම්මා මම ඉල්ලන දේවල් අරන් දුන්නා. මට ඒ දේවල් ගැන කිසිම ගාණක් තිබුණේ නැහැ. අම්මා එදා මම වෙනුවෙන් විඳපු දුක මට එදා දැනුණා නම්... කරුමයට මුහුණ දෙන්න එපැයි. මේ මගේ දෛවය වෙන්න ඇති. ඒත් සුරාජ් අයියා හම්බ වුණාට පස්සේ මම හිතුවා එයා ගොඩාක් ආදරෙන් ඉඳිවි කියලා. ක්ලාස් එකේදි ඇති වුණ පුංචි කථා බහ දන්නෙම නැතුව ආදරේක පෙරැුළුණා. එදා මගේ ජීවිතේ හැමදේම මම සුරාජ් අයියට කිව්වා. තාත්තා නැති මට එදා එයා පොරොන්දු වුණා තාත්තෙක් වගේ රැුකබලාගන්නවා කියලා. 

අපේ සම්බන්දෙට මාස දෙක තුනක් වෙද්දි අපේ සම්බන්දෙ ගැන මම අම්මට කිව්වා. සුරාජ් අයියා අපේ ගෙදර නිතර ආවා ගියා. ඒත් අපි සුරාජ් අයියා අපිට කියනවට වඩා එහා දෙයක් ගැන දැනන් හිටියේ නැහැ. මම හිතුවා සුරාජ් අයියා කියපු හැමදේම ඇත්ත කියලා. සුරාජ් අයියා මම වෙනුවෙන් ගොඩක් වියදම් කළා. පස්සේ පස්සේ හැම මාසෙම මට  ඕන කරන දේවල් අරන් දුන්නේ අම්මා නෙමෙයි, සුරාජ් අයියා. මම වෙනුවෙන් ඒ තරම් දේවල් කරද්දි කවදාවත් සුරාජ් අයියා ගැන අවිශ්වාසයක් හිතන්නේ කොහොමද? අපේ සම්බන්දෙ අම්මා දැනන් හිටපු නිසා සුරාජ් අයියා එක්ක ඇවිදින්න,  ඕන තැනකදි මුණ ගැහෙන්න තහනමක් තිබුණේ නැහැ. 

සුරාජ් අයියටයි මටයි රැ දවල් කියලා ගානක් තිබුණේ නැහැ. අම්මා බැන්නට ඒ දේවල් මම ගාණකටවත් ගත්තේ නැහැ. මම කළේ මගේ හිතුමතේට  ඕන දේවල්. ගෙදර එන්න සුරාජ් අයියට අම්මා අවසර දුන්නත් සුරාජ් අයියට  ඕන වුණේ නිදහස් තැන්වල මුණගැහෙන්න. නිතරම සුරාජ් අයියා කිව්වේ අවුරුදු දහඅට පිරුණ ගමන් අපි බඳිමු කියලා. ඒත් ඒ හැමදේම අද හීනයක් විතරයි. ඔය විදිහට අපි මුණ ගැහුණා. කථාකළා. අපි දෙන්නා පුදුම ආදරේකින් හිටියා. සුරාජ් එක්ක  ඕනවට වඩා ඇවිදින්න යන්න එපා. කථාකරන දෙයක් ගෙදරට එන්න කියලා කථා කරන්න කියලා අම්මා නිතරම කිව්වා.  

මට එයා මගේ ජීවිතේටත් වඩා විශ්වාසයි කියලා අම්මට මම ගොඩක් සැර වුණා. සුරාජ් අයියා මාතර පැත්තේ කියලා තමයි මට කියලා තිබුණේ. සමහර මාසවලට ගෙදර ගියහම සුරාජ් අයියා ෆෝන්  ඕෆ් කළා. ඒත් මට ලොකු සැකයක් හිතුණේ නැහැ. ගෙදර ඉඳන් ආවම ඒ දේවල් වලට විවිධ හේතු කිව්වා. අම්මා අසනීපෙන් කියලා මට බොරු කිය කියා පස්සේ පස්සේ නිතර ගෙදර ගියා. මම ඒ දේවලූත් ඉවසුවා. ඔය අතරතුර තමයි මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගන්න ලැබුණේ. සුරාජ් අයියා ගෙදර ආවෙම නැහැ. කථා කලාට දුරකථනයෙන් වත් කථාකළේ නැහැ. මට මේ දේවල් දරාගෙන ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අම්මට කිසි දෙයක් හංගන්න පුළුවන් වුණේත් නැහැ. අම්මා තමයි මාව ඩොක්ටර් කෙනෙක් ළඟට එක්කගෙන ගියේ. සුරාජ් අයියාව හොයාගෙන යන්න කියලා ඉන්න තැනක්වත් හරියට දැනන් හිටියේ නැහැ. මගේ රත්තරං අම්මා මාව හැම වෙලාවෙම සැනසුවා. ඒ හිත ගලක් නෙමෙයි. ඒත් මගේ ඉස්සරහ කවදාවත් අම්මා ඇඬුවෙ නැහැ. 

අම්මා සුරාජ් අයියා වැඩ කරපු තැනට ගිහින් එයාගේ විස්තර සොයද්දි දැනගන්න ලැබුණා සුරාජ් අයියා විවාහ වුණ කෙනෙක් කියලා. සුරාජ් අයියා මාව අරගෙන ගිහිල්ලා අතෑරපු හීන මාලිගා මගේ දෙපතුල ළඟටම කඩා වැටුණා. ඇඬුවට අඬන්න කඳුළු නැහැ. අඬලම මගේ හිත දැන් ගලක් වෙලා. මට මා ගැනම ලොකු වෛරයක් ඇති වෙනවා. කවදාක හරි මම මේ බිත්ති හතරෙන් එලියට යාවි. ඒත් කවදාවත් මම ආයෙත් විවාහයක් ගැන හිතන්නේ නැහැ.
සුරාජ් නිලූකාට ආදරේ කළේ නිලූකට තියෙන ආදරේට නෙමෙයි. මේ අහිංසකීගෙන් අයුතු ප‍්‍රයෝජන ගන්න. නිලූකාගේ ජීවිතේ වුණේ සුරාජ්. අම්මට හිතුවක්කාර වුණ නිලූකා ජීවිතේ විනාශ කරගත්තට පස්සේ සුරාජ් නිලූකාගේ පිහිටට ආවේ නැහැ. සුරාජ් කියන්නේ විවාහ වෙලා දරුවො දෙන්නෙකුගේ තාත්තා කෙනෙක් කියලා සියල්ල හෙළි වෙද්දි නිලූකා බාලවයස්කාර ගැබිනියක වෙලා. නිලූකාට දරුවෙක් කුස දරා සිටීමට තරම් ශරීරයක්වත් දරු ප‍්‍රසූතියකට සුදුසු වයසක්වත් තිබුණේ නැහැ. සියල්ල නීතියට භාර වෙද්දි නිලූකාගේ අම්මට හිස් අතින් ගෙදර යන්න වුණා. ඒ අතරතුර නිලූකා මානසික රෝගයකින් පෙළෙන රෝගියෙකු බවට පත්වුණා. ජීවිතේ කියන්නේ මොකක්ද කියලවත් නොතේරුම් අවධියක නිලූකා ගැබිනියක වුණේ ඇගේම වරදින්.
‘‘ආදරේ කරන්න  ඕන තරම් උදවිය ඒවි. ඒත් ඔයාගේ ජීවිතේ වටිනාකම ඔය ආදරේ කියන එකාට රුපියලකවත් වටින්නේ නැහැ. ඒත් උඹේ අම්මා අප්පච්චිට උඹව කෝටියක් වටිනවා..’’






Monday, January 11, 2016

ලෝකය හරිම සුන්දරයි කියලා හිතන අපට මේ ඉර හඳ යට සිදුවන අසුන්දර දේවල් ජීවිතවල ලියවෙන්නේ හරි පුදුමාකාර විදිහට. ඒ වගේමයි අමතක නොවන මතකයක් අපි හැමෝගෙම ජීවිතවල ඉතිරි වෙලා තියෙනවා. ඒ මතකය සුන්දර වෙන්න පුළුවන් ඒත් ඒ දේවල් අසුන්දර වෙන්න ගත වෙන්නේ හිතා ගන්නවත් බැරි තරම් තත්පර ගණනක්. 
 


ලෝචනා කියන්නෙත් සුන්දරව ගෙවුණු ජීවිතයක අසුන්දර සිදුවීම් ගණනාවක් එක්ක ලියැවුණු චරිතයක්. ලෝචනා මට මුණගැහෙන්නේ ගාල්ල දිස්ත‍්‍රික්කයට අයත් ළමා නිවාසයකින්. ඇය කවුරුන්ද? ඇය කොහේද? කියන දෙයට වඩා ඇය මේ තත්ත්වයට පත් වූයේ කෙසේද කියන කාරණය එක්ක මම ඇය සමඟ කථාකරන්න හිතුවා. 


මා හට එකවරම ඇගේ ජීවිතයට එබිකම් කරන්නට අයිතියක් නැහැ. මන්ද ඇය ජීවත් වෙන්නේ යම් යම් හේතු කාරණා මත සමාජයෙන් කොන් වෙච්ච දරු පිරිසක් අතර ඉන්න එක් දරුවෙක් විදිහට. පුංචි දරුවො ඇයි මේ තරම් ළමා නිවාසවල. දරුවෝ මේ විදිහට සමාජයෙන් කොන් වෙන්නේ ඇයි? වරද කොතැනද වගකිව යුත්තෝ කවුරුන්ද කියන කාරණය අපට එක දවසකින්, පත්තර පිටුවක කොටුවෙලා කථා කරන්න බැහැ. එහෙත් මේ දරුවන් බහුතරයකගේ ජීවිත ගතහොත් ඒ දරුවන් මේ අගාධයට වැටෙන්නේ තමන්ගේ නිවසින්මයි. වගකිව යුත්තන් මව්පියන් කියන කාරණ පැහැදිලි වුණත් අවසානයේ මේ දරුවන්ට ඉතිරි වෙන්නේ බිත්ති හතරකට මැදි වෙලා තනියම අලූත් ජීවිතයක් සොයන්න සටන් කරන්න. 


මේ හැම දරුවෙක් තුළම කාටවත් නොකිවූ කඳුළු කථාවක හැංගිච්ච රහසක් තියෙනවා. මේ කාරණාවත් එක්ක ලෝචනාගේ අවනඩුව අහන්න මම සූදානම් වුණා. 


ලෝචනා කියන්නේ කළුතර ප‍්‍රදේශයේ ජීවත් වුණු මධ්‍යම පාන්තික පවුලක වැඩිමහල් දියණිය. ලෝචනාගේ පියා (සෙනෙවිරත්න) වෘත්තියෙන් වැවිලිකරුවෙක්. ලෝචනාගේ අම්මා පයාගල ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවිකාවක විදිහට රැුකියාවේ නියැළෙමින් ජීවිතය ගැට ගසාගන්නට සෙනෙවිරත්නට ලොකු සවියක් දුන්නා. මේ පුංචි පවුලේ කුළුඳුල් දරුපැටියා විදිහට මෙලොව එළිය දුටු ලෝචනා මේ කැදැල්ලට ආලෝකයක් ගෙනාවා.
ජීවිත හරිම පුදුමාකාරයි. ලෝචනාගේ ඉපදීමත් එක්ක සෙනෙවිරත්න, ලෝචනාගේ මවත් සමඟ නිතර නිතර අඬදබර ඇතිවුණා. මව්පියන්ට දරුවෙක් කියන්නේ ජීවිතේ මිල කරන්න බැරි වටිනාම වස්තුවක්. ඒත් සෙනෙවිරත්න හැසිරුණේ පියෙකුගේ චරිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. 


‘‘මම දන්නේ නැහැ මම මේ කියන කථාවේ කොයිතරම් දුරට සත්‍යතාවක් තියෙනවද කියලා. මම ඉපදුණාට පස්සේ ගෙදර ගොඩක් කරදර ඇති වුණාලූ. අම්මටයි, තාත්තටයි දෙන්නට දෙන්නා රුස්සන්නේ නැතුව ගියාලූ. මට මතක ඇති කාලෙකවත් තාත්තා මාව වඩාගෙන හුරතල් කරලා නැහැ. පස්සේ පස්සේ ගෙදර ප‍්‍රශ්න නිසාම තාත්තා කොළඹ රැුකියාවකට ගියා. ගෙදර ජීවත් වුණේ අම්මයි මමයි විතරයි. මගේ අම්මා කියලා තියෙනවා විවිධ ජ්‍යොතිෂවේදින් කියලා තියෙනවලූ මගෙන් තාත්තට ගොඩක් අපලයි කියලා. ගෙදර රණ්ඩු ඇතිවෙන්න ප‍්‍රධාන හේතුව මම කියලා තමයි අම්මගේ විශ්වාසය වුණේ.’’


දෙවියනේ...! මොන අම්මටද, තාත්තටද පුළුවන් තමන්ගේ ලෙයින් ජාතක වුණ තමන්ගේ කුසින් වදාපු දරුවාගෙන් අපලයි කියන්න. මෙවැනි සිදුවීම් මේ සමාජයේ සිදුවෙනවා. මෙය ප‍්‍රථම සිදුවීමයි කියලා මම කියන්නේ නැහැ. මෙවැනි සිදුවීම් අපට අහන්නට දකින්නට ලැබෙන අවස්ථා අනන්තයි, අප‍්‍රමාණයි. එහෙත් මේ සිදුවීම්වල සත්‍යතාවයක් සමාජය ඉදිරියේ තබනවා හැරෙන්නට කළ යුක්තක් නැහැ. හැමදේම රඳා පවතින්නේ හිතේ විශ්වාසය මතම පමණක්ද කියන කාරණය සිතන්නට ඔබට බාරයි.


‘‘තාත්තා කොළඹ රැකියාවට ගියාට පස්සේ තාත්තා ගෙදර ආවේ මාසෙකට දවස් දෙකක් වගේ. අම්මත් ගාමන්ට් එකේ වැඩට ගියා. මේ නිසා ආර්ථික අතින් ලොකු ගැටලූ තිබුණේ නැහැ. ඔය අතරතුරෙදි අම්මට නංගි ලැබෙන්න හිටියා. එතකොට මම හය වසරේ ඉගෙන ගත්තේ. හය වසරේ අන්තිම හරියෙදි මම වැඩිවියට පත්වුණා. මම ඒ දේවල් ගැන කිසිම දෙයක් ගැන දැනන් හිටියේ නැහැ. අම්මා උදේට වැඩට ගියාහම ගෙදර එන්නේ හවසට. ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් මම තනියම තමයි හිටියේ. මම වැඩිවියට පත් වෙලා දන්නේ නැතුව දවස් දෙකකට පස්සේ තමයි අම්මා දැනගත්තේ. එතකොට අම්මට නංගියව හම්බවෙන්න දින කිට්ටුව හිටියේ. ඒත් මම වෙනුවෙන් පුංචි උත්සවයක් ගත්තා. අපේ ගෙදර සම්පූර්ණයෙන්ම හදපු ගෙයක් නෙමෙයි.

ජනෙල්වලට ඉටිකොළ ගහලා තමයි තිබුණේ එදා උත්සවයේ දවසේ ? මාගේ පාටියට ගොඩක් කට්ටිය ආවා. තාත්තාගේ යාළුවෝ එහෙම හොඳටම බීලා හිටියේ. මට ඇෙඟ් මහන්සියට තාත්තගේ ඇඳේ නින්ද ගියා. එදා ? බීලා හිටපු තාත්තාගේ යාළුවෙක් මම ඉඳපු කාමරේට ඇවිල්ලා මට කරදර කළා.
ලෝචනා වැඩිවියට පත්වෙන්නේ නියම වයසට වඩා ගොඩක් අඩු වයසකින්. අවුරුදු දහයක් තරම් පුංචි වයසක ලෝචනා හිටියේ. එම ක‍්‍රියාවලිය තේරුම් කර ගැනීමට තරම් මුහුකුරා ගිය වයසක නෙවෙයි. මේ නිසාම වැඩිවියට පත්වුවත් මවට එය දැනුම් දීමට තරම් ඇයට දැනුමක් තිබුණේ නැහැ. ඒ වෙනකොට ලෝචනාගේ අම්මා දෙවැනි දරු ප‍්‍රසූතියට දින ගනිමිනුයි සිටියේ. හරි අඩක් නිමකර ඇති නිවසේ පුංචි එකීට හොඳ ආරක්‍ෂාවක් මේ නිවස තුළින් ලැබෙනවාද කියන දේ පිළිබඳ ලෝචනාගේ මව එතරම් තැකීමක් කළේ නැහැ. මන්ද සිය මව නොමැති බොහෝ අවස්ථාවල ඇය නිවස තුළ තනිව ගත කරන කාලය සුලබ නිසා. ඒත්...... අවාසනාවක මහත ඇයගේ වැඩිවියට පත්වීමේ උත්සව දිනයේ රාත‍්‍රියේදීම පියාගේ මිතුරෙකු අතින් ඇය අතවරයට පත් වෙන්නේ මව්පියන් නිවස තුළ සිටියදීමයි. ඇෙඟ් තෙහෙට්ටුවට පුංචි ඇස් දෙක පියවුණේ ඉබේටම. මදුවිතින් මත් වෙච්ච සෙනෙවිරත්නගේ හොඳම මිතුරා සුමිත් කාමරේට සේන්දු වුණේ නිවසට යාමට තරම් සිහියක් පතක් නොතිබුණු නිසා. රෝස පාට මල් ගවුමෙන් සැරසිච්ච පුංචි ලෝචනාව දැකපු සුමිත් තිරිසන් ආශාවන් සංසිඳුවා ගන්න තරම් නරුමයෙක් වුණා. තද නින්දේ ඉඳපු ලෝචනාට මේ සිදුවන්නේ කුමක්ද යන්න දැනුම් තේරුමක් තිබුණේ නැහැ. සුමිත් ලෝචනාව බිය වද්දලා තිරිසන් ආශාවන් ඉෂ්ට කරගත්තා. එම සිදුවීම්වල අවසානයක් තිබුණේ නැහැ. ඇය බියට සියල්ල සැමගෙන්ම සඟවන්න උත්සාහ කළා. ලෝචනා වැඩිවියට පත්වෙලා හරියටම ගතවුණේ සති කිහිපයයි. ලෝචනාගේ අම්මා දරු ප‍්‍රසූතිය සඳහා රෝහල් ගතවෙද්දි ලෝචනාව සෙනෙවිරත්නට බාර කරලා ඇය රෝහල් ගතවුණා. ලෝචනාට අවුරුදු දහයක් වුණත් ඇය දැන් වැඩිවියට පත්වුණ දැරියක් කියන දේ ලෝචනාගේ මවට විශේෂයක් වුණේ නැහැ. කොටින්ම ලෝචනාගේ ආරක්‍ෂාව පිළිබඳ මීට වඩා ඇය සිතුවා නම් අද ලෝචනා මේ බිත්ති හතරට කොටුවෙලා ගින්දර ගොඩක් මැද්දේ ජීවත් වෙන්නේ නැහැ. 



ලෝචනාගේ මව දරු ප‍්‍රසූතියට රෝහල් ගත වුණ දිනයේ රාත‍්‍රියේ සෙනෙවිරත්න සුමිත් ඇතුළු කිහිප දෙනෙකු සමඟ පුංචි සාදයක් දැම්මේ අලූත උපන් බිලිඳිය ගැන සෙනෙවිරත්නගේ සිතේ උපන් උතුරා ගිය සතුටත් සමඟ. පිය පදවිය සෙනෙවිරත්න වැනි අයට සුදුසුද කියන කාරණය සිතන්න ඔබට බාරයි. ඒ රාත‍්‍රියේදිත් ලෝචනාට සුමිත්ගේ දරදඬු දෑතට සිර වෙන්න සිදු වුණා. පුංචි ඇස්වලින් කඩා හැළෙන කඳුළු කැට බිමට ඇද වැටුණේ මුළු මහපොළවටම සාප කරමින්. දින ගණනාවක්ම මේ අයුරින් ලෝචනා ලිංගික අතවරයට ලක් වුණා. ග‍්‍රහණයට යොමු කරගන්නා සෑම දිනකම සුමිත් ලෝචනාට මරණ තර්ජනය කරමින් බිය වැද්දුවා. මරණ බියටම ඇය කිසිවක් කිසිවෙකුටත් පැවසීමට බිය වුණා. තවද සුමිත් ලෝචනා ග‍්‍රහණයට හසුකරගන්නා බොහෝ අවස්ථාවලදී චොක්ලට්, රස කැවිලි දී සැලසුම් සහගතව ඇයව පොළඹවා ගැනීමට සුමිත් සමත් වුණා. 


පුංචි ලෝචනා මේ විදිහට වරින්වර ලිංගික අතවරයට ලක් වුණේ ඇගේ නිවස තුළදිමයි. මාස ගණනාවක් මේ සිදුවීමට ලක්වුණ ලෝචනා පාසලේ ලිංගික අධ්‍යාපන පිළිබඳව දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනදී පැවසූ බොහෝ දේවල් සමඟ පාසලේ ගුරුවරියට ඇය සියල්ල හෙළි කරනවා. 


කතාව එතැනින් ඉවර නැහැ. එදා ලෝචනා ඒ දැනුම්වත් වීම තුළින් ගුරුවරියට නොපැවසුවානම් ඇය තවමත් ඒ සියල්ල සඟවාගෙන පීඩනයෙන් ජීවත් වෙනවා. වෛද්‍ය පරීක්‍ෂණවලට යොමු කළ ලෝචනා ළමා හා කාන්තා කාර්යාංශයට භාර කෙරුණේ වැඩිදුර පරීක්‍ෂණවලට. සුමිත් පොලිස් භාරයට ගැනෙද්දි ලෝචනා පරිවාස භාරයට පත්වෙනවා. ලෝචනාගේ මව සහ පියා දරුවන්ගේ ආරක්‍ෂාව පිළිබඳ මීට වඩා සිතුවානම් මේ පුංචි මල් කැකුළ තවමත් සුන්දරයි. 


ඇය දැන් අසුන්දරයි කියනවා නොවෙයි. තවමත් ඒ අහිංසක මුහුණ සුන්දරයි. එහෙත් ජීවිතේ ගැන සිතද්දි ඔබට මට නොහැෙඟන නොදැනෙන මහා කළු ගලක් ඒ හිතේ සිරවෙලා. කළු වළාවකින් ඇගේ ජීවිතය වැසිලා ගිහිල්ලා. 


සත්‍ය කථාවකි.
(නම් ගම් මනඃකල්පිතය)








පහුගිය කාලෙ පුරාම මුහුදු වෙරළ ආශ‍්‍රිතව, වැටකේ ගාල්වල, දිය ඇලි කිට්ටුව, කැලෑවල, හෝටල් කාමරවල තරුණ තරුණියෝ ඝාතනය වුණා. ඇතැම් තැන්වල ආදරය සොයා ගෙන ඒ තැන්වලට ගිය පෙම්වතා - පෙම්වතිය දෙන්නම ඝාතනය වුණා. තවත් ස්ථානවල පෙම්වතා ඉතුරු වෙලා පෙම්වතිය ඝාතනය වුණා. මෙහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්න පුළුවන්ද? සාමාන්‍ය සමාජයෙන් හැංගුණු  ”කැලෑබද සමාජයේ” ටිකක් ඇවිදින්න හිතුණා. මේ කතා ලියන්නෙ රසකර බලනවට වඩා කාට කාටත් පරිස්සම ප‍්‍රයෝජනවත් වෙන නිසා.


 



පුංචි කාලෙ ඉඳන් දරුවන්ගෙ බුද්ධි වර්ධනය වීමේ යම් ස්වභාවයක් තියෙනවා. පුංචි කාලෙදි දරුවන්ට උගන්වන්නෙ ආගම දහම, සදාචාරය ගැන. ඒ තුළ ළමා හිතේ ගෞරවය හා භය පක්ෂපාතිත්වය කියන දේවල් ගොඩ නැගෙනවා. වරදක් කිරීමට ලජ්ජා භය උපදිනවා. ඒ දරුවන් ක‍්‍රමානුකූලව අපේ සංස්කෘතියට සමාජයට අනුගත කළ යුතුයි. 

දැන් අවුරුදු 15 පමණ වන විට දරුවන් හුරුවෙලා තියෙන්නෙ සමාජ වෙබ් අඩවි ආදිය තුළ සැරි සැරීමටයි. අපේ දරුවන්ට එවැනි දේ විවෘතව හිමිවන මාර්ග තියෙනවා. එතැනට හුරු වූ දරුවාට කුඩා කල උගත් සමාජ - සංස්කෘතික - සදාචාරාත්මක වටිනාකම් දැනෙන්නේ නෑ. ඔවුන් යාන්ත‍්‍රිකයි. ඇසුරු කරන්නෙ යන්ත‍්‍ර. එතැනින් පසු ඔවුන් කාල බීලා ජීවත්වන තැනට පත්වෙනවා. ඔවුන් සියල්ල දකින්නෙ බටහිර සංස්කෘතියට එළැඹිලා.

ඒවා තුළින් වැඩි දෙනා ලබා ගන්නෙ මානසික ව්‍යාධියක්. අපේක්ෂා භංගත්වයක්. සියල්ල දැඩි බලාපොරොත්තු. ඒ පසුපස දුවනවා. එවැනි සමහරු විකෘති කාමාශාවට පෙළෙඹීමේ සම්භාවිතාව වැඩියි. පෙම්වතුන් - පෙම්වතියන් කැලෑවට යනවා නම්, කාමර වලට යනවා නම් එතන තියෙන්නෙ පේ‍්‍රම කිරීමක් නෙවෙයි. ඒක කායික එක්වීමේ ගමනක්. පේ‍්‍රමය - ආදරය ඊට වඩා ගැඹුරු අධ්‍යාත්මික මානසික ක‍්‍රියාවලියක්. සාහිත්‍ය තුළ කුස - පබා චරිතය බැලූවාම ආදරයේ උත්තරීතර බව පේනවා.

අද තරුණ දුවල පුතාල පේ‍්‍රමය ලෙස වටහාගෙන ඉන්නෙ කායික සන්තර්පනය. ඒ නිසා විශාල අනතුරකට ඔවුන් මුහුණ දීගෙන යනවා. මෙතැනදී පේ‍්‍රමයේ වුණත් ස්වයං පාලනයක් අවශ්‍යයි. පේ‍්‍රමය - ආදරය සඳහා යා යුතු - නොයා යුතු තැන ඔබ තේරුම් ගත යුතුයි. එවිට විවිධ කල්ලි වලින්, ඇතැම්විට කාමුක ආශා ඇති අයගෙන් බේරීමට හැකියි. විශේෂයෙන් දෙමාපියන් දරුවන් ගැන මීට වඩා සෙවිය යුතුයි. ආගමික අධ්‍යාපනය - සදාචාර අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනය තුළ කළ යුතු වන්නේ, මානසික සිතිවිලි පාලනය කිරීමයි. 

රුපියල් වගේ කාමයත්, පාවෙනවා නම්, ඊට නීති රැුහැන් අවම නම් අනතුරට යන්නේ අපේ සමස්ත දරු පරම්පරාවයි. 
​



කවුරු කොහොම කිවුවත් උද්‍යානවල, මුහුදු වෙරළෙ, කාමරවල, කැලෑවල, ඇෙඟ් අත පයේ එල්ලිලා කතා කරන හුඟක් අයගෙ විවාහ ජීවිත ගෙවෙන්නේ ඒ ඒ අය එක්ක නෙවෙයි. ඇතැම් වේලාවට කාමර වලට යනවා. කැලෑ බද පාළු තැන්වල රිංගනවා. ඒ අයගෙන් සීයට 90ක් විවාහකයන් වෙන්නෙ නෑ. මේ තමයි ඇත්ත.... ඒ ඇත්ත තුළින් ඔබ උකහා ගත යුතු දේ තමයි  ”මේ පෙම්වතා මගේ සැමියා නොවුණොත්.” කියන දේ. එහෙම නොවුණොත් මොකද සිද්ධ වෙලා තියෙන්නේ..? කාගේ හෝ කායික අවශ්‍යතාවක්... අවංකවම විවාහ වීමේ බලාපොරොත්තුවෙන් ඍදදපි වලට යන අයත් ඉන්නව. නමුත් වැඩි දෙනෙක් කායික අවශ්‍යතාවක ප‍්‍රතිඵල. 


 


අපි හැංගුණු ඇත්ත කතාවක් දිගේ යමු...



”
දකුණු ලකේ අගනගරේ ගාලූ පුරේ සිරි” කිවුවම මේ අගනගරෙ දිගටම තියෙන්නෙ ලස්සන මුහුදු වෙරළ. හික්කඩුව, උණවටුන, කළුතර තවත් ලස්සනයි. මේ පැත්තෙ පන්සලක් කිට්ටුව තිබුණා ලස්සන කැලෑවක්. මේ කැලෑවෙ ගල් වැටි එක්ක තියෙන ගල්තලාව දිගේ තරුණ ජෝඩු නිතරම ඇවිදිනවා. ගස්වලින් වැහුණු කැලෑවත්, කැලෑව අස්සට මුහුදත් හරි ලස්සනට පේනවා. මිනිස්සු හිතන්නෙ මුහුද බලන්න කැලෑවට යනවා කියලා. වෙරළෙ නාන ගෑණු පිරිමි අයත් කැලෑවෙ ඉන්න කොට හරි අපූරුවට පේනවා.



විකෘති කාමාශාව තියන අය නිතර දෙවේලේ මේ කැලෑව අයිති කරගෙන ඉන්නෙ. මුහුදෙ නාලා ඇවිත් කැලේ පැත්තට හැරිල ඇඳුම් මාරු කරද්දි සමහර කාන්තාවො හිතන්නෙ මේ කැලේනෙ. කියලා. ඒත් හොඳට මතක තියා ගන්න. කැලේට හැරිල ඇඳුම් මාරු කරනවට වඩා සෙනග නාන පැත්තට හැරිලා ඇඳුම් මාරු කරන එක වඩා ගුණදායක බව. විකෘති කාමුකයො ගෑණු ඇඳුම් මාරු කරනා හැටි බලාගෙන ඉන්නවා විතරක් නෙවෙයි, වීඩියෝ පවා කරනවා. මේ තමයි ලෝකෙ හැටි.



නිමාලි කියන්නෙ සල්ලි තියන පවුලක හැඩකාර ගෑණු ළමයෙක්. එයා යාළු වුණේ නිමල් එක්ක. අලූත් මෝටර් බයිසිකලේක එන, අතේ පච්චා දෙක තුනක් කොටපු නිමල් දඟකාර කොල්ලෙක් බව එයාට දැනුණා. නිමාලි හිතුවා වගේම නිමල් දඟකාරයි. අදහස් සිතුම් පැතුම් වුණත් එහෙමයි. එතැනින් පසු කතාව ලියමි.



නිමාලි පවුලේ එකම දියණිය වූ නිසා ඇයව විවාහ කර දීමට දෙමාපියන් කල්පනා කළේ ගම් හතකට මඟුල් කියමිනි. එහෙත් ගම් හතකට මඟුල් කියන්නට තරම් වාසනාවන්ත පෙම්වතෙක් ඇයට හමු නොවිණි. එක්කෝ එය නිමාලිගේ අවාසනාව විය යුතුය. නැත්නම් නිමාලි තම සිතුම් පැතුම්වල සීමාව නොදැන සිටීම විය යුතුය. 



නිමා, මට රුපියල් 2500ක් දෙන්න.. මගේ කෝස් එකට ෆීස් ගෙවන්න සල්ලි මදි. ඇතැම් දිනවල නිමල් මුදල් ඉල්ලා ඇවිටිලි කළේය. 



නිමාලි දන්නා හැටියට නිමල් කරගෙන ගියේ භාෂා පන්තියකි.



සියලූ දේ රහසක් පරිදි සිදු විය. 



නිමාලිගෙන් මුදල් ඉල්ලා ගන්නා නිමල් රැට ‘බජාර්’ එක අතරට වැටේ. ගංජා පානය කර, මත් වතුරෙන් පදම් වන උන් එක එක කොල්ලන්ගේ ගෙවල්වල නින්දට වැටේ. සමහර දාට දෙතුන් දෙනා ගණිකාවන් අතරටද වැටේ. 



නිමල්ලාගේ කණ්ඩායමේ හැටි දන්නා ගණිකාවෝ බොහෝ විට දන්නා අයට කියා මේ අනතුර මග හැර දැමූහ. ඒ තරමට ගණිකාවට පවා නිමල්ලාගේ හැසිරීම් කෲර විය. ම්ලේච්ඡු විය. වේදනාත්මක විය. 



එක ස්ත‍්‍රියක් පිරිමි කණ්ඩායමක් විසින් එකතු වී එකම වේලේ දූෂණය කිරීම විකෘති කාමාශාවකි. නිමල් පුරුදු වූයේ මේ විකෘති කාමයටය.



ඔහු නිමාලි සමග අවස්ථා ගාණක් හෝටල් කාමර වල තනි විය. කැලෑ බදව තනි විය. ඒ සෑම තැනම නිමල් සහ නිමාලි එකට ගැවසුණත් විකෘති ආශාවලින් ඇලී සිටි නිමල්ට එහි ලොකු මිහිරක් දැනුණේ නැත. 



හැමදාම ගණිකාවන්ට මේ කාර්යයෙන් සංග‍්‍රහ කරන නිමල් ඊළඟ අමානුෂික කාමාශාව විඳීමට තම ආදරවන්තිය තෝරා ගත්තේය.



පණ දී ආදරය කරන නිමාලි කිසි විටෙකත් නොසිතූ නොපැතූදෙයකි. ඇය නිමල් ගැන දැන උන්නේ පිරිසිදු පෙම්වතෙක් ලෙසය. නිමල්ගේ සමහර වැරදි හදා ගත හැකි බව ඇය නිතර කල්පනා කළාය.



දවාලක් - රැයක් නැතිව නිමල් හා තනි වෙන්නට පෙම්වතියක් ලෙස නිමාලි බිය නොවුණාය.



ආදරය - විවාහය - දරුවන් - පවුල් ජීවිතය ගැන කතා කරන පෙම්වතෙක් කෙසේ අවිශ්වාස කරන්නද?



නිමල්ගෙන්, ඇමතුමක් ලැබෙයි. 



”
පැටියො හෙට පෝය. රැට බීච් එකේ ඇවිදිමු....”



නිමාලිටත් රාත‍්‍රියේ වෙරළේ ඇවිදීම වඩාත් මිහිරක් විය. හැන්දෑවේ පන්සල් ගිහින් ඇවිත් ටිකක් ? වෙන තුරු නිමල් සමග බීච් එකේ තනි වෙන්නට නිමාලි කල්පනා කළාය.



හඳපානේ අත් අල්ලන් ය න හැටි, වැටකේ පඳුරකට වී තුරුලූ වී සිටින හැටි එදා ? මුළුල්ලේ නිමාලි කල්පනා කළාය. පසුදා ? වනතුරු ඇය හිටියේ නොඉවසිල්ලෙනි. නිමාලි පේ‍්‍රමණීය සැඳෑවක් බලා ඉද්දී නිමල් තම විකෘති ආශාවේ පිපාසයෙන් සැලසුම් ඇන්දේය.



”
මචාලා හෙට රැ මම කෙල්ලෙක් බීච් එකට ගේනවා....” නිමල් මිතුරන් දෙතුන් දෙනෙකුට පණිවුඩ දුන්නේය.



සමහරු කීවේ කෙල්ල ගේකට රැගෙන එන එක ලෙහෙසි බවය. 



”
නෑ... නෑ... මචාලා පෝය නෙ.... බීච් එක ළඟ කැලේ.” 



නිමල්ගේ අදහසට අනුව සියල්ල ලැහැස්ති විය. 



නිමාලි පැවසූ වේලාවටත් කලින් පැමිණ නිමල් අපේක්ෂාවෙන් උන්නාය.  


 




 



නිමල් ඈත එනු දුටු නිමාලි ඔහු ඉදිරියට පැන ගියේ ආදරයෙන් පිළිගැනීම වෙනුවෙනි. තමන් මේ පිළිගන්නේ වන මෘගයකු බව නිමාලිට සිතුනේම නැත.
ආදරණීය පෙම්වතුන් පරිද්දෙන් පන්සලට ගොඩ වූ නිමාලි නෙලූම් මල් පූජා කොට බුදුන් වැන්දාය. ඇගේ එකම ප‍්‍රාර්ථනාව වූයේ නිමල් හොඳ සැමියකු වනු දැකීමය.



සඳ මඬල නැග එද්දී නිමාලිට ආරාධනය ලැබිණි.



”
නිමාලි බලන්න බීච් එක හරි ලස්සනයි.” පන්සලේ සිට ඈතට පේන මුහුද දෙස බලමින් නිමල් කීවේය.



”
හ්ම්” 



නිමාලි අතින් අල්ලාගෙන පා ගමනින් නිමල් මුහුදු වෙරළ දෙසට ගෑටුවේය. ආදරණීය වදන් තෙපළෙයි... 



ඈතින් ඈතට, ඈතින් ඈතට ගිය නිමල් - නිමාලි කැලෑවට නුදුරු වැටකේ ගාලක තනි වූහ. හැන්දෑව ඉක්ම රාත‍්‍රිය එළැඹෙමින් තිබිණි. සඳ මඬළේ එළිය වැටකේ අතු අතරින් පොළොවට ගලා බසියි.



පෝය දවස නිසා වෙනදා තරම් වෙරළේ පාළුවක් නැත. රාත‍්‍රි 8 ඉක්මිණි. 9 ඉක්මිණි.



නිමල්ගේ මිතුරෝ යහමින් පදම් වී තොරතුර දුන් තැනට කඩා වැදිණි. 



හිතා ගන්නටත් බැරි මොහොතකි.



නිමල්ගේ දෑතින්ම නිමාලිගේ කට තදවිය. ලේන්සු මිටියකින් ඇගේ කට වැසිණි. වැටකේ ගාලෙන් ඇයව ඇදගෙන කැලෑවේ එපිටට නරුමයෝ සේන්දු වූහ. අතපය විහිදුවමින් දඟලන නිමාලි දෙස ඔවුහු ආශාවෙන් බලා උන්හ.



විකෘති කාමුකයෝ සිය ආශාවන් සංසිඳුවා ගත්හ. නිමල්ද ඒ අතර විය. විකෘති කාමුකයන්ගේ වේදනාවෙන් නිමාලිගේ ගත නිසල වෙමින් තිබිණි. කළ යුතු යමක් නැත. 



එක කොල්ලෙක් පැන නිමාලිව සදහට නිහඬ කළේ ක්ෂණයෙනි. එතැනින් මළ සිරුර රැුගෙන කැලෑව අතරින් මුහුද මානයට ආ මෘගයෝ දේහය මුහුදට හෙළුෑහ.



ආදරය කිරීමට ගොස් නිමාලිට වැරදුණු හැටි... මෙවැනි සිදුවීම් දුලභ නැත. ඉඳහිට නමුත් සිදුවේ.



ආදරය කිරීමේදී යන - එන තැන පිළිබඳ රැුකවරණය ඔබ සතුව ඇත. එය වැරදීම නොවැරදීම ගැන කාට කිව හැකිද? නිමාලි වැනි බොහෝ දෙනාට මීට සාපේක්ෂ සිදුවීම් හරහා මරණය උදාවී ඇත. ඒ බොහෝ මරණ පිටුපස විකෘති කාමාශාව, අසීමාන්තික කාමුකත්වය, මත්ද්‍රව්‍ය වැනි බොහෝ හේතු ඇත. අපට හඳුනා ගතහැකි පැහැදිලි දෙයක් මේ තුළ තිබේ. සංවිධානාත්මක ඝාතන වලින් ඔබ්බට යන සංවිධානාත්මක කාමුක කල්ලි, මත්ද්‍රව්‍ය කල්ලි, සොරුන් විසින් කරන දෙයකි.



එවැනි අය ගැවසෙන තැන් ඇත. ඔබේ පෙම්වතා මෙවැනි සංවිධාන කල්ලියක පුරුකක් විය හැකිය. එබැවින් ඔබේත් ඔබේ දූ දරුවන්ගේත් ජීවිත මළ සිරුරක් ලෙස නිරුවතින් කැලේ කුණු වීමට, දියේ පාවීමට ඉඩ දෙනවාද? ඔබේ දරුවන් ආදරය කරන සියල්ලෝ සැබෑ පෙම්වතුන් වන්නේ නැත. ඔබේ දරුවන්ගේ පෙම්වතා සැබෑ ආදරයක අඩු සම්භාවිතාවක් ඇතියෙකු පමණි. 



(
පුද්ගල නාම මනඃකල්පිතයි.)
















Copyright © 2013 24youth | Powered by MC NETWORK
Design by Theme MC
MC Template by Lasantha | MC